අංක එකේ ටෙස්ට් පිතිකරු ස්මිත්ගෙන් ද්විත්ව ශතකයක්

අළු බඳුන ක්‍රිකට් තරගාවලියට අදාලව මේ දිනවල පැවැත්වෙන එංගලන්ත-ඕස්ට්‍රේලියා තරගයේ සිව්වන දිනයේදී ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් විසින් ද්විත්ව ශතකයක් (211) වාර්තා කිරීමට සමත් වුණා. එය ඔහු ටෙස්ට් දිවියේ වාර්තා කළ තෙවැනි ද්විත්ව ශතකය ද වුණා.

වසරක තහනමකින් පසු ක්‍රිකට් පිටියට පැමිණි ස්මිත් ක්‍රීඩාකළ ටෙස්ට් තරග තුනේදීම ශතක රැස් කිරීමට සමත් වුණා. ඔහු  මෙසේ දක්ෂතා පැමිණීම විශේෂත්යක් වන අතර ඒ හේතුවෙන් මෙතෙක් අංක එකේ ටෙස්ට් පිතිකරුවා ලෙස සිටි ඉන්දීය නායක විරාත් කෝලිව දෙවෙනි ස්ථානයට පත් කරමින් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ සටහනේ අංක 1 දක්වා පෙරමුණ ගැනීමට ඔහුට හැකිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here